visionඅපගේ දැක්ම              

සේවාලාභී සංතෘප්තිය තුළින් විශිෂ්ටත්වය.          

 

misionඅපගේ මෙහෙවර             

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම

 

                      බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය             

           විසිදහස් රට යනුවෙන් හැදින්වුන ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පුරාණ පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන ස්ථාන රාශියක් විසිරි පැතිරි තිබේ. බුදුන්ගේ පා පහස ලැබීමෙන් පරම පූජනීයත්වයට පත් සිද්ධස්ථාන 3 ක් බදුළු දිසාවේ පිහිටීම නිසා  ශාසනික ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හොබවන පෙදෙසෙකි.

 
බදුළු දිස්ත්‍රික්කයේ පෞරාණිකත්වය ‍‍ඓතිහාසික යුගය ඉක්මවා ප්‍රාග් ‍ඓතිහාසික යුගය දක්වා දිවයන හෙයින් එම ප්‍රදේශය ජනාවාස වී ඇත්තේ මීට අවුරුදු විසි තිස් දහසකට පෙර බව පැහැදිලිය. බුදු හිමියන්ගේ පාද ස්පර්ෂයෙන් පාරිශුද්ධ වු මහියංගනය හා මුතියංගනය බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබීම එහි ශ්‍රේෂ්ඨත්වයට හේතු වේ. දිස්ත්‍රික්කයෙන් ලැබෙන ක්‍රිස්තුපූර්ව යුගයට අයත් ශිලා ලේඛනවල එම ප්‍රදේශයේ ආර්ය ජනාවාස ආරම්භ වු වකවානුව පිළිබදවත් බුදු සමයෙහි ව්‍යාප්තිය පිළිබදවත් වැදගත් තොරතුරු රැසක් දක්නට ඇත.
 
ආර්යන්ගේ පැමිණීමත් සමගම ගංගා ආශ්‍රිතව ජනාවාස එනම් රට අභ්‍යන්තරයේ සිට දස දෙසට ගලා යන ගංගා ආශ්‍රිතව ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය සැකසුනි. ඌව පළාත පිලිබදව අවධානය යොමු කළ හොත් ඌව ප්‍රදේශය හග්ගල කපොල්ලෙන් හමන සුළගින් හූ හඩ පැතිරෙන නිසා මුලදි  හූව පසුව ඌව යන්නෙන් පරිවර්තනය වු බව පත පොතේ සදහන් වේ. ඉංග්‍රීසි පාලන යුගයේදි ඌව පළාත පහල ඌව හා ඉහල ඌව ලෙස වෙන්කොට දක්වන ලදි.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ බටහිර ප්‍රදේශය අඩි 7000 කට වඩා උස ගිරි ශිඛරයන්ගෙන් යුක්ත වේ. සියළු කදු බෑවුම් ගොරෝසු වලින් ගහන හා විශාල පතන් හා තැනිතලාවන්ගෙන් සමන්විත වේ. පතන් වල එතරම් විශාල නොවු ගස් වැල්ද නිම්න වල ඉතා සරුවට වැටුනු ගස්කොලන් වලින් යුක්ත වී තිබේ. බදුල්ලේ පහල කදුකර ප්‍රදේශයේ ක්‍රි.පූ. සමයේ ජනාවාසව තිබු බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසු ගල් ලෙන් අපට සාක්ෂි දරයි. බෝගොඩ, මැටිගහතැන්න, කන්දේවහාරය උදාහරණ ලෙස දැක්විය හැකිය.
 
ගස් හෙවනින් යුත් ප්‍රදේශය “වදළ” යනුවෙන් හදුන්වයි. එසේම පෙර කාලයේ මහ වදුලක්ව පැවති නිසා “වදළ වදුල බදුල බදුල්ල” ලෙස අද ව්‍යවහාර වේ. ක්‍රි.පූ. 505 දී පමණ රාක්ෂ ගෝත්‍රික රාවණා රජු බදුල්ල අගනුවර කොට ඌව පාලනය කළ බව සදහන් වේ. එකි කාලය තුළ ඌවේ දියුණුව අති මහත් විය. රාම සීතා කතා පුවතේ එන රජතුමා විසින් ඉන්දියාවේ සීතා කුමරිය රැගෙන විත් සිර කර තබා ගෙන සිටීමත් ඒ සමග එළඹුනු යුද්ධයේදි රාවණා රජු සාහසික ලෙස මිය යා‍මත් නිසා ඌව සශ්‍රිකත්වය අභාවයට පත් විය. ජල දුර්ග, ගිරි දුර්ග, වන දුර්ග ආදියෙන් ස්වභාවයෙන්ම ඌවට ආරක්ෂාව ලැබිණි.
 

                      බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දළ විශ්ලේෂණය      

ඌව ද්‍රෝණියේ නැගෙනහිර බෑවුමේ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. උතුරින් මැදපතන රිදිපාන කදු වැටියෙන්ද නැගෙනහිරින් නෙළුම් ගම කැන්දෙගාල්ල වැලිබිස්ස කදු වැටි වලින් ද දකුණින් ‍එළදළුව කන්දෙන් ද බටහිරින් අළුගොල්ල කදු වැටියෙන් ද වට වී ඇත. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණ උතුර හා ගිණිකොණ දිග ප්‍රදේශවල 60% ට වඩා වැඩි බෑවුම් කලාප දැක ගත හැකිය. බටහිර කොටසේ බෑවුමේ ස්වභාවය 30% ත් 60% ත් අතර වේ. මෙම ප්‍රදේශවල වර්ෂා කාලවලදි නාය යෑම් වලට ලක් වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උසින් වැඩිම ප්‍රදේශය ග්ලේන් ඇල්පින් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.
 
බදුල්ල නගරය කේන්ද්‍ර කොට පිහිටි බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 29 කින් සමන්විත වේ. මුහුදු මට්ටමේ සිට අඩි 2225ක් උසින් මධ්‍යම කඳුකරයේ පිහිටි මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මධ්‍යම කඳුකරයට අයත් භූ විෂමතා ලක්ෂණ වලින් සමන්විත වේ.
 
කොට්ඨාසයේ වර්ගඵලය වර්ග කිලෝමීටර් 51ක් වන අතර මුළු ජනගහනය 79,126 කි.එම ජනගහනයෙන් පුරුෂ 37,088 ක් හා ස්ත්‍රී 42,038 ක් වශයෙන් දැක්විය හැක. ජන වර්ගය ජාතීන් අනුව සිංහල 54,251 ක්ද, ශ්‍රී ලංකා දෙමළ 5,006 ක්ද, ඉන්දියානු දමිල 11,463 ක්ද, මුස්ලිම් 7,645 ක්ද, බර්ගර් 144 ක්ද, මැලේ 483 ක්ද වෙනත් 134 ක් ද වශයෙන් බෙදා දැක්විය හැක.ජන වර්ගය ආගම් අනුව බෞද්ධ 53,571 ක්ද හින්දු 11,285 ක්ද ඉස්ලාම් 8,232 ක්ද රෝමානු කතෝලික 1,332 ක්ද වෙනත් ක්‍රිස්තියානි 795 ක්ද වෙනත් 32 ක්ද වශයෙන් බෙදා දැක්විය හැක.ඇස්තමේන්තුගත මුළු පවුල් සංඛ්‍යාව 21,235 කි.පදිංචි මුළු නිවාස සංඛ්‍යව 18,329කි මෙහි ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. මීට අමතරව තේ වගාව, සත්ව පාලනය, හා ස්වයංරැකියා වල නියුතු පිරිසද සැලකිය යුතු ප්‍රමාණයක් සිටි. තවද සමෘද්ධී මුද්දරලාභීන් 2612ක් සිටින අතර ඔවුන් අඩු ආදායම් ලාභීන් ලෙස සැලකේ. බදුල්ල මුතියංගන රජමහා විහාරය, පත්තිනි දේවාලය, බදුල්ල දුම්රිය ස්ථානය, ශුද්ධ වු මාර්ක් දේවස්ථානය හා ලන්දේසි කොටුව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පවතින්නා වු ඓතිහාසික වටිනාකමින් යුක්ත වු ස්ථාන වේ.
 

          බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ හා සේවයේ නියුතු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නාම ලේඛනය        

අනු අංකය

ප්‍රාදේශීය ලේකම්වරයාගේ නම

කාල සීමාව

සිට

දක්වා

01.

රෝහණ කීර්ති දිසානායක මයා

1989.04.10

1992.08.31

02.

ජේ.නවරත්න මයා

1989.09.01

1989.12.31

03.

රෝහණ කීර්ති දිසානායක මයා

1990.01.01

1992.08.19

04.

කේ.ආර්.සමරසිංහ මයා

1992.08.20

2000.03.05

05.

සුමිත් සුරවීර මයා

2000.04.27

2003.10.10

06.

විල්බට් තෙන්නකෝන් මයා (වැ.බ)

2003.10.17

2003.11.26

07.

එම්.ඒ.එච්.සිල්වා මයා

2003.11.27

2007.01.05

08.

ධර්ම ශ්‍රී අමරසිංහ මයා

2007.01.06

2008.04.02

09.

ආර්.එම්.ඩී.එස්.රත්නායක මිය

2008.04.03

2010.02.10

10.

ගාමිණී මහින්දපාල ජෝපියස් මයා

2010.02.11

2014.05.28

11.

පී.එස්.පී.අබේවර්ධන මයා

2014.06.03

2017.06.16

12.

ඩබ්.එම්.ආර්.රංජිත් මයා

2017.06.20 2017.06.16

13.

එන්.එම්.ඥානවතී මිය

2018.04.06 2019.07.09
14. නිහාල් ගුණරත්න මයා  2019.07.10  2019.9.16
15 සුභාෂ් නානායක්කාර මයා    
16 තුෂාරි අනුරාධා නානායක්කාර මිය  (වර්තමාන)  
Scroll To Top