- Details
- Category: News & Events

- Details
- Category: News & Events
කසළ කළමණාකරණයෙන් - පිරිසිදු පරිසරයක්
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය , බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බදුල්ල මහ නගර සභාව එක්ව සංවිධානය කරන ලද කසළ පොළ වැඩසටහන බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා මහත්මියගේ මග පෙන්වීම මත බදුලුපිටිය නගර සභා ක්රිිඩාංගන පරිශ්‍රෙය්දී 2025.08.23 වන දින පවත්වන ලදී. මේ සදහා බදුළුපිටිය වසමේ සියළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ අතර හිටපු කෘෂිකර්ම උපදේශිකාවක් වන ටී. එම්. කරුණාවතී මහත්මිය විසින් ඉවත ලන ද්‍රව්‍ය නැවත උපයෝගී කරගනිමින් ගෙවතු වගාවක් සිදු කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගික දැනුවත් කිරීමක් සහ ඉවතලන කසළ සඳහා මූල්‍යමය වටිනාකමක් ලබාදෙමින් එයින් ආදායමක් උපයා ගැනීමේ මාර් ග සලසාදීමක්ද සහජීවන සංගම් සාමාජිකයින් හට සිදු කරන ලදී. මෙම වසමේ සහජීවන සංගම් සාමාජිකයින් එක්ව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි එම්.ඉසඩ්.එෆ්.ශියානා මහත්මිය විසින් මෙය සංවිධානය කරන ලදී.



















